Post Jobs For Free !

7 Step Interview Preparations

පියවර හතකින් ඔබගේ සම්මුඛ සාකච්ඡාව සඳහා සූදානම් වන්න.

 

ඔබ සම්මුඛ පරීක්ෂණයක් සදහා සහභාගී වන විට ඒ සඳහා  පෙර සුදානමක් තිබීම අත්‍යවශ වේ. මෙම පුවත්පත් ලිපියෙන් ඔබට  සම්මුඛ සාකච්ඡාවක් සදහා සූදානම් වීමට අවශ්‍ය ප්‍රායෝගික  උපදෙස් දැන ගත හැකිය.

 

  1. ඔබගේ ඇඳුම තෝරා ගන්න.

සම්මුඛ සාකච්ඡාවක් සඳහා සූදානම් වන විට  අතිශයින් වැදගත් කොටසක් නම් ඔබ පළදිනා ඇඳුම වේ. ඔබ ඔබේ ඇඳුම තෝරන විට, එය පිරිසිදු කර හා මැද තබා ගන්න. ඒ අතර ඔබගේ ඇඳුමට ගැලපෙන සපත්තු හා අනෙකුත්  දේ ලැස්ති කර තබා ගන්න. පෙර සුදානමක් ලෙස ඔබගේ ඇඳුම හා අනෙකුත් දේ ඇඳ බලන්න. එවිට කිසියම් අඩුපාඩුවක් තිබේනම් ඔබට එය සදා ගත හැකි වේ. පසුව ඔබ තොර ගත් ඇඳුම් කට්ටලය හා අනෙකුත් දේ  ඔබේ සම්මුඛ පරීක්ෂණය සිදු කරන දිනය සඳහා වෙන් කර තබා ගන්න.

 

  1. ඔබ ඔබගේ සම්මුඛ පරීක්ෂකවරයා අමතන ආකාරය පිලිබදව සුදානම් වන්න.

ඔබ සෑම විටම සුහදශීලී සිනහවකින් සහ ස්ථිරව අතට අත දීමෙන් ඔබේ සම්මුඛ පරීක්ෂකයාව අමතන්න. ඔබ මෙය මෙය කිරිමෙන් සම්මුඛ පරීක්ෂකවරයා ඔබ පිළිබඳව පැහැදෙනු ඇත. ඔබේ සම්මුඛ පරීක්ෂණය සඳහා සූදානම් වීම සඳහා සෑම විටම කළ යුතු සුළු හා සරල පියවර මෙය වේ.

 

  1. ඔබගේ අයදුම්පත අධ්‍යනය කර ඒ පිළිබඳව මනා අවබෝධයකින් සිටින්න.

සම්මුඛ සාකච්ඡාව අතරතුරදී ඔබ  ලැයිස්තුගත කර ඇති ඔබගේ  ඔබේ රැකියා අත්දැකීම් හෝ කුසලතා පිළිබද  කථා කෙරෙනු ඇත. ඔබගේ  අයදුම්පතෙහි ඇති දෙයින් දෙයින් පමණි පරීක්ෂකවරයාට ගැන දැන ගත හැකි වන්නේ. එමනිසා  අයදුම්පතෙහි සදහන් දේ පිලිබදව  විස්තර කිරීමට පරීක්ෂකවරයා ඔබට පවසනු ඇත.

ඔබ මීට පෙර වසර ගණනාවකට පෙර ලැයිස්තුගත කර ඇති පූර්ව රැකියාවක් පිළිබද  හා ඔබ එම කාර්යයෙහි කළ දේ පැහැදිලි කිරීමට සම්මුඛ පරීක්ෂක විසින් ඔබගෙන් ඉල්ලා සිටිය හැක. ඒ  පිලිබදව පිළිතුරු සැපයීමට ඔබ සුදානම්ව සිටිය යුතුය. මෙම පියවර සදහා ඔබ අනිවාර්යෙන්ම සුදානම්ව  සිටිය යුතුය.

 

4. වඩාත්ම පොදු සම්මුඛ සාකච්ඡා ප්‍රශ්නවලට සුදානම්ව සිටින්න.

ඔබ මෙම ප්‍රශ්න ගැන දන්නේ නැතිනම් ඒ පිලිබදව සොයා බලා ලෑස්ති වන්න. පරීක්ෂණයකදී අසන පොදු ප්‍රශ්න පිලිබදව කියවා  බලා දැන ගන්න. ඔබේ පිළිතුර සූදානම් කර ඒවා මතක තබා ගන්න. ඔබ සැමවිටම “ඔබ ගැන කියන්න” සහ “ඔබ මෙම රැකියාව සඳහා ගැලපෙනු  ඇත කියා ඔබ සිතන්නේ ඇයි?” කියන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබ සැමවිටම ලෑස්ති  වී සිටිය යුතුය.  ඔබේ පිළිතුර  මතක තබාගෙන එය  පිළිබඳව පැහැදිළි අදහසක් ලැබෙන සේ පිළිතුරු ලබා දෙන්න. ඔබේ පිළිතුර බුද්ධිමත් ලෙස හා ස්වාභාවිකව ලෙස ප්‍රකාශයට පත් කරන්න. අනෙකුත් ප්‍රශ්නවලටද විවෘතවම සහ ඔබ සමාගමට ලබා දිය හැකි දේ ගැන පවසන්න.

 

5. ඔබ ඉල්ලුම් කරන සමාගමේ හා රැකියා ස්ථානය ගැන කියවා පෙර සුදානමකින් සිටින්න.

ඔබට රැකියා තනතුරෙහි හෝ ස්ථානය පිලිබදව යම් ගැටළුවක් තිබේනම් ඒ පිලිබදව පරීක්ෂණය අතරතුරදී අසන්න. ඔබට රැකියාව පිලිබදව අපැහැදිලි  සුදුසුකමක් හෝ අවශ්‍යතාවයක් තිබේනම් එය අසා දැන ගන්න. සැම විටම අත්‍යවශ්‍ය හා බුද්ධිමත් ප්‍රශ්න අසන්න. එමගින් ඔබ පරීක්ෂණය සදහා පෙර සූදානමක් වී ඇති බව පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත්, නිකරුණේ ප්‍රශ්න ඇසීමෙන් වලකින්න. නැතහොත් සම්මුඛ පරීක්ෂකයා එය දැන ගනු ඇත. ඔබේ ප්‍රශ්න අව්යාජ සහ අදාළ විය යුතුය.

 

6. ඔබ මුහුණ දෙන සම්මුඛ පරීක්ෂණය පිළිබඳව සොයා බලා එය කිනම් වර්ගයේ පරීක්ෂණයක් දැයි දැන ගන්න.

සම්මුඛ සාකච්ඡා වර්ග කිහිපයක් ඇත. එනම්  තනි සාකච්ජා, කණ්ඩායම් සාකච්ජා හා චර්යාවන් පිළිබද සාකච්ජා ය. ඔබ ඔබට ලැබෙන සාකච්ජා වර්ගය පිලිබදව උපකල්පනය නොකරන්න. ඔබ එය පිලිබදව නොදන්නේනම් ඒ පිලිබදව අසා දැන  ගන්න. පෙර සුදානමින් වඩාත් පහසු හා ප්‍රයෝජනවත් සාකච්ජාවක් සිදු වනු ඇත.

 

7. පරීක්ෂණය තිබෙන ස්ථානය ගැන පෙරාතුව දැන ගෙන සිටින්න.

එම ස්ථානයට වෙලාවට යන්න. ස්ථානයට යාමෙට අවශ්‍ය වෙලාව හා රථ වාහන තදබද පිලිබදව මතකෙහි තබා  ගෙන වේලාසනින් එම ස්ථානයට සිටින්න යන්න. විනාඩි 10 පෙර එම ස්ථානයේ සිටින්න. ඔබගේ සම්මුඛ පරීක්ෂකගේ දුරකථන අංකය  ලඟ තබා ගන්න. එවිට ඔබට ස්ථානය සොයා ගත නොහැකි වුවොත් හෝ ඔබ ප්‍රමාද වේ නම් ඔබට එය දැනුම් දිය හැක.

 

මෙම ඉඟි අනුගමනය කිරීමෙන් ඔබට සාර්ථකව පරීක්ෂණයට මුහුණ දිය හැක. රැකියා අපේක්ෂකයෙකු පෙර සුදානමින් සිටීද නැද්ද යන්න පරීක්ෂකයෙකු හට කිව හැකිය. ඔවුන් වඩාත් අගයන්නේ පෙර සුදානමක් ඇති අපේක්ෂකයන්ය.

 

 

Leave your thoughts

jobs in sri lanka
JobsDirect is an online and Print Jobs Directory. we provide an integrated recruitment solution by leveraging technology and professional expertise for both Jobseekers and Employers.